ලීක් වූ ෆේස්බුක් දත්ත ඇතුළේ සකර්බර්ග්ගේ තොරතුරුත් තිබිලා

අන්තර්ජාලය ඔස්සේ හැකර්ලා විසින් අනවසරයෙන් මුදාහරින ලද මිලියන 553ක ෆේස්බුක් පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත අතර ෆේස්බුක් නිර්මාතෘ, ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්ගේ ෆේස්බුක් ගිණුමේ තිබූ පෞද්ගලික තොරතුරු වන බව වාර්තා වේ.

සකර්බර්ග්ගේ නම, ස්ථානය සහ විවාහ තොරතුරු, උපන්දිනය සහ ෆේස්බුක් පරිශීලක අනන්‍යතාවය ද ඇතුළත් වූ බව සයිබර් පර්යේෂක ඩේව් වෝකර් තහවුරු කරයි. ෆේස්බුක් සම-නිර්මාතෘවරුන් වන ක්‍රිස් හියුස් සහ ඩස්ටින්මොස්කොවිට්ස්ගෙ සමාන පෞද්ගලික තොරතුරු ද කාන්දු වූ දත්ත අතර ඇතුළත් වේ.

රටවල් 106ක මිලියන 533 කට අධික ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු හැකර් කෙනෙකු (දත්ත සොරකු) විසින් නොමිලේම ලබාගත හැකි පරිදි අන්තර්ජාලයට මුදාහැර තිබුණි.


අමෙරිකාවේ පරිශීලකයින්ගේ ගිණුම් මිලියන 32 කට අධික සංඛ්‍යාවක්, එක්සත් රාජධානියේ පරිශීලකයින් මිලියන 11 ක් සහ ඉන්දියාවේ පරිශීලකයින් මිලියන 6 කගේ දත්ත ද ඊට අයත් වේ.

ඔවුන්ගේ දුරකථන අංක, ෆේස්බුක් හැඳුනුම්පත්, සම්පූර්ණ නම්, ස්ථාන, උපන්දිනය, බයෝස් සහ සමහර ඊමේල් ලිපින ද මුදාහැර ඇත.

ෆේස්බුක් සමාගම තොරතුරු කාන්දු වූ දත්තවල නියැදියක් සමාලෝචනය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෆේස්බුක් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ 2019 දී සමාගම විසින් ඇති කර තිබූ අනාරක්ෂිත භාවය හේතුවෙන් දත්ත මෙලෙස කාන්දු වූ බවය.

Exit mobile version