ලාබෙට ඉන්දියාවට යන්න අප්‍රේල් 29 ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය… ටිකට් එකක් ඩොලර් 50යි… 

දිනසේන රතුගමගේ

යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල  සම්පාදනය වෙමින් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා   සහ  ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්යංශය ඊයේ ( 26 ) මෙම බෝට්ටු සේවාව සම්බන්ධව තහවුරු කිරීමේන් අනතුරුවඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ  යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ  හා ඉන්දියාවේ කරෙයිකාල්  ප්‍රදේශයේ   ආගමන හා විගමන කාර්යාල දෙකක් රටවල් දෙක විසින් පිහිටුවන  බවය.

මුල් වරට මෙම බෝට්ටු සේවාව සඳහා රටවල් දෙකේම රාජ්‍ය  මට්ටමේ යත්‍රා  යෙදවීමට බලාපොරොත්තුවක් නැති බවත් ඉන්දීය  විදේශ අමාත්යංශය  විසින් කැදවන ලද ටෙන්ඩර් පටිපාටියකට අනුව  ඉන්ටර් ශ්‍රී ( INTSRI) නැමති සමාගම  ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය ආරම්භ කරන බවද ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය   කියා සිටියේය.

වරකට මගීන් 150 කට ගමන් පහසුකම් සැලසෙන අතර එක් මගියෙකුට  කිලෝ ග්‍රෑම් 100 ක් දක්වා බරක් රැගෙන යාහැකි වේ.


බෝට්ටු ගමනේ ටිකට් පතක් සඳහා  ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 50 ක් වශයෙන් හඳුන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ටිකට් පත් සඳහා රජයේ යම් සහනාධාරයක් ක්‍රියාත්මක  වන්නේද යන්නත් මෙතෙක් තීරණය වී නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා   සඳහන් කළේය.

Exit mobile version