ලබන අඟහරුවාදා සිට ගාල්ලේ සෞඛ්‍ය සේවකයින් හදිසි සේවා පමණයි…

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ  වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල  සේවකයින් විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකිවිම නිසා අඟහරුවාදා දින (28) සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රෝහල් හා  සෞඛ්‍ය ආයතනවල හදිසිසේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව පවසයි.

මේ අනුව අනිකුත් සියලු සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවනු ඇති බැව එම සංගමය පෙන්වා දෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ  වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරිමේ දි  තිබු දුර්වල හා අවිධිමත් බව  හේතුවෙන්   වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින්ගෙන් සියයට 20ක ප්‍රමාණයකටවත්  සිකුරාදා දින (25) ඉන්ධන ලබාගැනිමට නොහැකි වු බවද  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පවසයි. 

මෙවන් පසුබිමක් තුළ ඉන්ධන නොමැතිකම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට   තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිව  දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. 


ගාල්ල දිස්ත්‍රික්කයේ  නම්කරණු ලැබු ඉන්ධන පිරවුම්හල් 04 මගින්   ඉන්ධන ලබා ගැනීමට යාමේ දි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින්ට   පැය12 ත් 24 ක කාලයක් පොලිම්වල කාලය ගතකිරිමට සිදු වි තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ඉන්ධන ලබාගැනිමට සියලු පාර්ශව එක්කොටගත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට  කටයුතු කරණ ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව  දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   වෙත ද   ලිඛිතව දැනුම් දි ඇත.

Exit mobile version