ලක්ෂ 40ක බඩු සොරකම් කළ සිසුන් තිදෙනාගේ පරිගණකයකින් ඔවුන්ම පටිගත කළ අසභ්‍ය වීඩියෝ හමුවෙලා…

නිරුවත් දර්ශනවල ඉන්නේ මේ සිසුන් ඇසුරුකළ සිසුවියන් පිරිසක්...

ජංගම දුරකථන හා පරිගණක අලෙවි කරන  කඩසාප්පු හතරක් බිඳ ලක්ෂ 40ක  භාණ්ඩ සොරා ගැනීමේ වදරට අත්අඩංගුවට ගත්  හොරණ  ප්‍රමුඛ පෙ‍ළේ පාසලක සිසුන් තිදෙනෙකුගේ  සොරකම් කරන ලද පරිගණකයක් පරීක්ෂා කිරීමේ දී ඔවුන් විසින්ම පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ ගණනාවක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය  පවසයි.

දොඩම්ගොඩ හා බටගොඩ ප්‍රදේශයේ කඩ සාප්පු හතරක් බිඳ රුපියල් ලක්ෂ හතලිහකට වඩා වටිනා ජංගම දුරකථන, ලැප්ටොප්  සහ වෙනත් උපකරණ සොරකම් කිරීමේ වරදට  අඟුරුවාතොට පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ  වයස අවරුදු 16ක් පමණ වන  සිසුන් තිදෙනෙකි.

ඊයේ ( 15) රාත්‍රියේ මෙම සිසුන් තිදෙනා පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොරවක් ද රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීය.


අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් සිසුන් තිදෙනා භාවිත කළ යතුරුපැදි තුනක්, සොරකම් කරන ලද ජංගම දුරකථන ලැප්ටොප් පරිගණක ඇතුළු අනෙක් උපාංග සෙයාගෙන තිබේ.

සොරකම් කරන ලද පරිගණක තුළ ගබඩා කර තිබිය දී පොලිසිය විසින් සොයාගත්  අසභ්‍ය වීඩියෝ කීපයෙහි නිරුවත් දර්ශනවල සිටන්නේ සිටින්නේ මෙම සිසුන් තිදෙනා විසින් සම්බන්ධකම් පවත්වන ලද පාසල් දැරියන් බව පොලිසිය කියයි.

සිසුන් අත්අඩංගුවට ගෙන පැය 24ක් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සොරකම් කිරීමේ සිද්ධි අටක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (16) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිසුන්ට ඇප ලබා දී ඇත.

Exit mobile version