ලංකා  IOC සමාගමත් අද සිට තෙල් මිල බස්සයි…

IOC

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරිමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා  IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් අඩුකර ඇත. නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 333කි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩුකර ඇත.  සුපර් ඩීසල් ලීටරයක නව මිල රු 330ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල  රු 365කි.


ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා තිබේ.  එහි නව මිල රුපියල් 310කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.

Exit mobile version