ලංකාවෙත් හදන්න යන සිනොවැක් චීන එන්නතේ කතාව… පර්යේෂණ කළ ඉන්දුනීසියානු විද්‍යාඥවරිය කොවිඩ් වැළඳී මරුට

පසුගිය කාලය පුරා සිනොවැක් එන්නත ලබාගත් ඉන්දුනීසියානු සෞඛ්‍ය සේවකයින් 100ක් කොවිඩ් වැළඳී මිය ගිහින්...

Novilia-Jeffrey-Bachtier

නොවිලියා ජැෆ්රි බැට්චියර්

ඉන්දුනීසියාව තුළ චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්ධන එන්නත ලබාදීම පිළිබඳ පර්යේෂණ කළ ප්‍රමුඛතම විද්‍යාඥවරියක් කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත.

මරණයට පත් නොවිලියා ජැෆ්රි බැච්ටියර් සිනොවැක් එන්නතේ සාර්ථක බව පිළිබඳ අත්හදතා බැලීම සිදු කර ඇත. ඇය ඉන්දුනීසියාව තුළ සිනොවැක් එන්නත නිපදවීම කළ බායෝෆාමා ආයතනයේ සේවය කර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කරන අන්දමට ඇය බටහිර ජාවාහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත. ඒ අනුව කොරෝනා මර්ධනය මාර්ගෝපදේශ වලට අනුගතව ඇගේ අවසන් කටයුතු කර ඇති බටව වර්තා වේ.


එරට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ අමාත්‍ය එරික් තෝහිර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ විද්‍යාඥවරියගේ මරණය දරාගත නොහැකි පාඩුවක් බවයි.

“ඇය සිනොවැක් එන්නත ඉන්දුනීසියාව තුළ ලබාදීම පිළිබඳ පර්යේෂණ කළ ප්‍රමුඛතම විද්‍යාඥවරියයි. එන්නත මේ වනවිටත් ඉන්දුනීසායනු වැසියන් මිලයනකට අධික පිරිසකට ලබාදී තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් බයෝෆාමා ආයතනය මේවන තෙක් විද්‍යාඥවරියගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර පසුගිය කාලය පුරාම ඉන්දුනීසියාව තුළ සිනොවැක් එන්නත ලබාගත් සෞඛ්‍ය අංශ සේවකයින් රැසක් කොරෝනා වෛරසය වැලදීමෙන් මරණයට පත්වීම වාර්තා විය.

ස්වාධීන දත්ත රැස්කරන ආයතයනක් වන ලාපොර් කෝවිඩ් 19 අයාතනය සඳහන් කරන්නේ ජූනි මාසයේ සිට සිනොවැක් එන්නත ලබාගත් සෞඛ්‍ය සේවකයින් 100කට අධික පිරිසක් කොරෝනා වැලඳීමෙන් මරණයට පත්ව  ඇති බවය.

මේවන විට ඉන්දුනීසියාව පුරා ඉතා සීඝ්‍රයෙන් කොරෝනා වෛරසයට පැතිර යාමක් වර්තා වන අතර දෛනික මරණ සංඛ්‍යාව දහසකට ආසන්න අගයක් ගනිමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තත්ත්වය දරුණු කරමින් පසුගිය දින වලට එරට ඔක්සිජන් තොගවල අඩුවීමක්ද වාර්තා විය.

Exit mobile version