ලංකාවට එන්න හිටි බංගලි කණ්ඩායමේ වේග පන්දු යවන්නාට කොරෝනා….

නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයෙඩ් ට කොවිඩ් ආසදනය වූ  බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අබු ජයෙඩ්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් නේවාසික පුහුණුවක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ටෙස්ට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් නිළධාරීන් සහ අනෙකුත් සහය කාර්ය මණ්ඩලය ඉකුත් 22 වැනිදා පී.ආර්.සී පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ දීය.

කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය  සහ සෞඛ්‍යය අංශ බංග්ලාදේශ කණ්ඩායමට මෙරටදී  ලබාදෙන නිරෝධාන කාලය දින07 ද නැතිනම් 14 ද යන්න තීරණය කර නොමැති විටක දී  මේ සිදුවීම ඇති වී තිබේ.


එහෙත් මෙවැනි කොවිඩ් වසංගත තත්ව අත්විඳින බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මීට දින කීපයකට කලින් තරයේ කියා සිටියේ ලංකාවේ දී නිරෝධායන කාලය දින 07කට වඩා වැඩි වුවහොත් තමන් ලංකාවේ සංචාරයට සහභාගී නොවන බවය.

ක්‍රීඩකයන් 27 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නේවාසිකව පුහුණුවීම් කරන අතරවාරයේදී  අබුඩු ජයෙඩ්ට කොරෝනා රෝගය වැළඳීමත් සමග ඔහුගේ සමීපතයන් සම්බන්ධවද යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


27 හැවිරිදි අබූ බංග්ලාදේශ කණ්ඩායමේ දකුණත් මඳ වේග පන්දු යවන්නෙකි. ඔහු ටෙස්ට් තරග 9 කදී කඩුලු 24 ක් බිඳ දමා තිබේ.

Exit mobile version