රුසියානු වෙළෙදපළ අල්ලා ගැනීමට චීන සමාගම්වල අවධානය

යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියානු වෙළඳපොලෙන් ඉහළ මට්ටමේ බටහිර සන්නාමයන් විශාල වශයෙන් නික්මයාමෙන් හිස්වන වෙළෙඳපොළ ජයගැනීමට චීනය මාර්ග සොයමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ කුඩා පෞද්ගලික සමාගම්, මෝටර් රථ අමතර කොටස්වල සිට ආහාර සහ ගෘහ පිරිසිදුකාරක දක්වා වන රුසියාවේ වෙළෙඳපොළ තුල වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සදහන් වේ.

විශේෂයෙන්, රුසියාවේ ඇති එක්සත් ජනපද සහ යුරෝපීය මෝටර් රථ යම් අවස්ථාවක දී අලුත්වැඩියා කිරීමට සිදුවුවහොත් සම්බාධක හේතුවෙන් අනාගතයේදී එය බරපතල ගැටළුවක් වනු ඇති බව පැවසේ.


ඒ අනුව රුසියානු මෝටර් රථ හෝ අමතර කොටස් ආනයනය කරන වෙළඳුන්ට මින් ඉදිරියට චීනයෙන් වඩාත් ස්ථාවර සහයෝගීතාවයක් ලබා ගැනීමට සිදුවනු ඇති බව සදහන් වේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර බටහිර මෝටර් රථ සමාගම් ගණනාවක් රුසියානු වෙළඳපොලෙන් ඉවත් වීමෙන් පසු, චීන සමාගමක් වන Li Dan සහ තවත් සමාගම් ගණනාවක් ඇමරිකානු සහ යුරෝපීය වෙළඳ නාම සඳහා මෝටර් රථ කොටස් නිෂ්පාදනය කිරීම සහ විකිණීම සඳහා මොස්කව්හි තම සමාගම් පුළුල් කිරීමට තීරණය කර තිබේ.

Exit mobile version