රුපියල් 2500කට විශ්‍රාම වැටුපත් අහිමි කරගත් එස්.අයි.

කීර්ති ප්‍රනාන්දු –

විශ්‍රාම යෑමට මාස තුනක් තිබියදී යතුරුපැදිකරුවෙකුගෙන් රුපියල් 2500 ක අල්ලසක් ගත් දකුණු කළුතර පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උප පොලිස් පරික්ෂකවරයා කළුතර නගරයේ දී යතුරුපැදිකරුවෙකු පරික්ෂා කර ඇති අතර ඒ අවස්ථාවේදී යතුරුපැදිකරුගේ යතුරුපැදියේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී ඇති බව තහවුරු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදිකරු ගෙන් නිදහස් කර යැවීමට නම් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා ඇත.  අද (15) දහවල් පොලිසිය තුළ දී යතුරුපැදිකරු ගෙන් රුපියල් 2500 ක මුදලක් ලබා ගනිමින් සිටි මෙම උප පොලිස් පරීක්ෂකවරයාව පොලිසිය තුළදී ම අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Exit mobile version