රුක්ෂාන් බෙල්ලන ඇමති කෙහෙළියගේ ඉන්දීය ඖෂධ ප්‍රශ්නයට “බැක් කළ හැටි“ ගැන කියන හඬපටයක් ලීක් වෙයි…

ඇමතිගේ සෞඛ්‍ය ලේකම්ගේ පලු අරිමින් වෘත්තීය සමිති දඩයම් කළ යුතු අයුරු ගැන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට කී කතාව...

වැරැද්දක් කළ පුද්ගලයෙක් සම්බන්ධව නිශ්චිත විනය ක්‍රියාමාර්ගයක් නොගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සෞඛ්‍ය සේවකයෙකුගෙන් ලබා ගත් තොරතුරු මත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොළඹ ජාතික රෝහලේ තවත් සුළු සේවකයෙක් සම්බන්ධව වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරමින් සමස්ථ සුලු සේවකයින්ම අපහාසයට පත් කළ බවට කළ විරෝධතාවයට අනුව ස්ථාන මාරුවක් ලැබූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට   බැණ වදිමින් වෘත්තීය සමිති කරන උන්ගේ බෙල්ලට ගැසිය යුතු ආකාරය ගැන ප්‍රකාශ කරන හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් ගේ උපදෙස් ලබමින් කරන එම සංවාදයතුළ දී රුක්ෂාන් බෙල්ලන පවසන්නේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට ඉන්දීය ඖෂධ ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ දී ඉදිරිපත් වී ඔහුව රැකගත් ආකාරය ගැනය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද මේ පුද්ගලයින් එක්ක මේ කටයුතු කරගෙන යා නොහැකි බව තමන්ට දන්වා සිටි බව ද ඔහු කීවේය.

එහි කෙළෙහි ගුණයවත් නොතබා සෞඛ්‍ය ඇමතිවරයා තමන්ව මාරු කළ බවත් පොලිස් එස්ටීඑෆ් ආරක්ෂාව ලබා දුන්නා නම් තමන් මේ වෘත්තීය සමිති කාරයින් විනාශ කර දමන ආකාරයත් ඔහු එහි දී ප්‍රකාශ කරයි.

එම හඬ පටය පහත දැක්වේ.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version