රිෂාඩ්ගේ නිවසේ දැරිය දූෂණය වූයේ කා අතින්දැයි සොයන්න පොලිස් කණ්ඩායමක් ඩයගම යයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සිමකට ලක්වීමෙන් පසුව මියගිය මෙහෙකාරියගේ මරණය පිළිබඳව විමර්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් ඇය දූෂණයට ලක්වූයේ කා අතින්ද යන්න සෙවීම පිළිබඳව මූලික අවධානය යොමු කොට ඇති බව වාර්තා වේ. ඇය ගිනි තබා ගෙන ඇති බවට සැලකීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මේ වනවිට ලැබී ඇති බැවින් පොලිසිය ඇය බාල වයස්කාරියක ලෙස දූෂණයට ලක්වූයේද යන්න පිළිබඳව විමර්ෂණවල අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට විශේෂ විමර්ෂණ කණ්ඩායමක් ඇය ජීවත් වූ ඩයගම ප්‍රදේශයට ගොස් ඇත. පොලිස් විමර්ෂණවලින් මෙතෙක් හෙළිව ඇති කරුණුවලට අනුව ඇය බැලීම සඳහා ඇයගේ සොහොයුරා බවට කියන තරුණයා වරක් කොළඹ පැමිණියද ඇය බලන්නට අවස්ථාවක් ලබා නොදුන් බවට ප්‍රකාශ කළද ඔහු එලෙස පැමිණ නොමැති බව අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් තරුණියගේ මවගෙන් ගන්නා ලද ප්‍රකාශවලින් ද තහවුරු වී ඇත්තේ ඇගේ සහෝදරයා වරක් ඇයව බලන්න කොළඹ එන්නම් යැයි දුරකථනයෙන් කථාකරන විට ඇය පවසා ඇත්තේ ඔයා තනියම ආවොත් මාව බලන්න තියා ගෙටවත් ගන්නේ නැති වෙයි. ඒ නිසා අම්මා එක්ක එන්න යැයි කියා ප්‍රකාශ කළ බවය. ඒ අනුව සහෝදරයා ඇයව බලන්න කොළඹ පැමිණ නොමැති බව තහවුරු වී ඇත.

පොලිස් අරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම සොහොයුරා දැරියගේ මවගේ මුල් විවාහයේ සහෝදරයෙකි. එම මුල් විවාහයේ සැමියාද සිරුරට ගිනි තබා ගැනීමෙන් මියගොස් ඇත. මිය ගිය දැරිය මවගේ දෙවැනි විවාහයේ දරුවෙකි. මවගේ මුල් විවාහයේ සහෝදරයා අවුරුදු 16 සම්පූර්ණ වන තුරු සිට ඇත්තේ මග්ගොන පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයක බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත. දැරිය අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දමිළ විද්‍යාලයයක ඉගෙනුම ලබා ඇති අතර හයේ හෝ හතේ පංතියෙන් පසු ඔවුන් ඩයගම පදිංචියට ගොස් ඇත.
රිෂාඩ්ගේ නිවසේ තිබුණු, මෙහෙකාරිය ගිනි තබාගැනීමට භාවිත කළ භූමිතෙල් බෝතලය ගෙනාවේ කවුද යන්නද සැකයට තුඩු දී තිබුණු අතර මේ වනවිට හෙළිව ඇත්තේ එය මීට වසර එක හමාරකට පමණ පෙර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව විසින් එම නිවසට ගෙන එන ලද්දක් බවය. ඇයගේ පාදයේ පැවැති ආසාදනයකට අත් බෙහෙතක් ලෙස භූමිතෙල් මුසු කිරීම සඳහා මෙසේ එම තෙල් නිවසට ගෙනවිත් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි. තරුණියට කිසිදු පහරදීමක් සිදුව නැති බවට අධිකරණ වෛද්‍යවරයා තහවුරු කර ඇති අතර ඇය පිළිස්සුම් තුවාල සහිතව ගෙනා මුල් අවස්ථාවේදී තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බවට වෛද්‍යවරයා වෙත පවසා ඇති බවද පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

Exit mobile version