රිය අනතුරකින් මිය ගිය වියපත් කාන්තාවකගේ ලක්ෂ 08ක රන් බඩු කෝලල කාලා!

දිනසේන රතුගමගේ –

බීමත් තරුණයෙක් පැදවූ රථයක් යට කර මරා දැමූ වියපත් මාතාවකගේ ලක්ෂ 08ක් පමණ වටිනා රන් භාණ්ඩ අනතුර සිදුවූ  සථානයේ දී කොල්ලකෑමේ නින්දිත පුවතක් වාර්තා වේ.

කොල්ලකෑ භාණ්ඩ අතර රන් මාලයක්, වළල්ලක්,  රන් මුදුවක්  හා සහ කණේ පැළඳගෙන සිටි කරාබු යුවල ද වූ බව හෙළි වී ඇත.

මෙම රිය අනතුර  යාපනයේ පලාලී පාරේ දී ඊයේ (30) සිදු වූ අතර  අනතුර සිදුවී බරපතල තුවාල ලබා සිටි ඇය රෝහල්ගත කරන අතරතුර  මෙම සොරකම සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.

යාපනය පලාලී පාරේ පිහිටි කෝවිලකට සිය පාපැදියෙන් පැමිණි එම කාන්තාව ආපසු සිය නිවස බලා යමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මෝටර රථයක් ඇය යටකර ගෙන ගොස් තිබේ.


සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඇයව රෝහල් ගත   ස්වල්ප වේලාවකදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ උරුම්පිරායි ගම්මානයේ පදිංචි   උමාදේවි කනගනායගම්  (73) නැමති වියපත් කාන්තාවකි.

කාන්තාව යටකළ මෝටර් රථයේ තරුණයින් පිරිසක් බීමත්ව ගමන් කොට ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version