රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දරුවන්ගේ ආහාර වේලේ ගුණාත්මක බව වැඩි කිරීමේ වැඩසටහනක්!

ශ්‍රියානි විජේසිංහ –                                                      

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගී දරුවන්ගේ ආහාරවේලේ ගුණාත්මක භාවය වැඩි කිරිම කෙරෙහි රෝහල් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

මේ අනුව දරුවන්ට ලබා දෙන ආහාර වේලේ පවතින ව්‍යංජන වෙන වෙනම හසුරා ලබා දීමට අදහස් කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති   සඳහන් කරයි.

මෙම ක්‍රමවේදය මේ වන විට පෞද්ගලික රෝහල් තුළ ක්‍රියාත්මක වන බවත් රජයේ රෝහලක් තුළ ක්‍රියාත්මක කිරිමට අදහස් කරන ප්‍රථම අවස්ථාව මෙය බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම  ප්‍රතිකාර සඳහා දරුවන් පැමිණෙන බවත් එම රෝගී දරුවන්ගේ සෞඛ්‍ය තත්තවය සහ මානසික තත්ත්වය වැඩි කිරීමට  ලබා දෙන ගුණාත්මක  ආහාරවේල ඉතාමත් වැදගත් බවත් වෛද්‍ය සන්තුෂ්   පෙන්වාදේ.


කොටස් වෙන් කරන ලද අසුරණයක ඒ ඒ කොටස්වලට ව්‍යංජන , මස් , මාළු හා බත් වෙන වෙනම අසුරා දරුවන්ට ලබා දීමෙන් ඒ මොහොතේම ආහාරයට නොගෙන ටික වේලාවකින්  හෝ එය ලබා ගත හැකි බවත් එහිදී එම ආහාරවල නැවුම් බව ගුණාත්මක භාවය නිසිලෙස පවත්වා ගත හැකි බවත් අධ්‍යක්ෂවරයා පැහැදිලි කරයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වැඩපිළිවෙළ සඳහා පරිත්‍යාගශීලීන්ටද එක්විය හැකි බවත් ඒ සඳහා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විස්තර ලබා ගත හැකි බවත් පැවසේ.

Exit mobile version