රැහේ රැජින හීන්මැණිකා හෙට දඹානේ දී අවසන් ගමන් යයි!

අවසන් මොහොත... වන්නිලා ඇත්තන් ඇයගේ දේහය හඳුානාගත් අවස්ථාව...

කිර්ති ප්‍රනාන්දු –

රටේ සියලුම සෞඛ්‍ය නිර්නායකන්ට අනුව යමින් සම්ප්‍රදාය රැකගෙන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිය හීන්මැණිකාගේ අවසන් කටයුතු දඹානේ දී හෙට (06) සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි වන්නිලා ඇත්තන්ගේ වැඩිමහල් පුතනුවන් වූ ඌරුවරගේ මුතුබණ්ඩා පැවසීය.

දේහය හඳුනා ගන්නට සැරසෙමින්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය මවගේ දේහය ආදහනය පේරාදෙණියේදීම සිදුකළ යුතු වුවත් සිදුකළ එකම ඉල්ලීම වූ ආදාහන කටයුතු දඹානේ දී සිදුකිරීමට අවසර ලැබුණු බව ඔහු කීවේය.

“ හෙට දවසේ සියලු සෞඛ්‍ය නිර්නායකයන්ට යටත්ව ආදාහන කටයුතු දඹනේ දී සිදු කරනවා. අනතුරුව අලු ටික සොහොන වෙත රැගෙන එන නිරෝධායනය නොවන සීමිත පිරිසක් කිරිකොරහා ශාන්ති කර්මය තියනවා. කොවිඩ් නිරෝධායන නීතිය සහ රැහේ සම්ප්‍රදාය දෙකම ආරක්ෂා කරගැනීමේ වැඩපිළවෙළක් සංවිධානය වෙලා තියනවා… “

ඔහු වැඩිදුරටත් කීවේය.

Exit mobile version