රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ කරන ආනන්තරිය පාප කර්මය ගැන  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

මනම්පිටිය – නිමල් ජයරත්න –

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සංඝ භේදයක් ඇති කර ඇතැයි දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

ඇමතිවරයා මේ පාපකර්මය කරන්නේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මං තීරු ව්‍යාපෘතියට මැදිහත් වීමෙන් බවත් එම සංඝ සභාව පෙන්වා දෙයි

Roshan-Ranasinghe
රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් දිඹුලාගල අරාණ්‍ය සේනාසනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව එම සංඝ සභාව විසින් නිවේදනය කළේය.


දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ  එම මාධ්‍ය හමුවේ දී මෙසේ ද පැවසූහ.

“රටම කොරෝනා වසංගතයෙන් පීඩා විඳිනවා. රජය මූල්‍ය අර්බුදයක. මේ වෙලාවෙ මහජන ධනය රුපියල් ලක්ෂ 340ක් වැය කර සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරු ඉදිකිරීම පොලොන්නරු ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් නොවෙයි.“

“රටේ ජනතාව ජීවන බරින් මිරිකිලා. ගොවි ජනතාවට වී උරයක් මිලට දීමට නොහැකි පරිසරයක  අප ජීවත් වෙන්නේ. රටම අවුල් ජාලාවක්   වෙලා  තියෙන්නෙ.  මේ වගේ පරිසරකය රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින් තරුණයින් හා සංවිධාන පෙළඹවීම හරහා  රටෙත් දිස්ත්‍රික්කයේත් ත්‍රෛනිකායික භික්ෂූන් අතර භේද ඇති කරන්න හදනවා.  ගොවි සංවිධාන  භේද කරන්න හදනවා.“

ඇවිදින මං තීරුව සකස් කිරීමට වෑ කන්දේ ඉදිකිරීම් අරඹා ඇති අයුරු…

“පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බහුතර භික්ෂුන්වහන්සේ පිරිසකුත්, ගොවි හා සිවිල් සිංවිධාන රැසකුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත  ඇවිදින මංතීරුවක් ඉදිකරනවාට අවස්ථා කිහිපයක දී විරුද්ධ වුණා. ඒ දැඩි විරෝධය හමුවේ ඇවිදින මං තීරුව හැදීමට  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ දරන උත්සාහය පුදුම සහගත එකක්.“

මෙම ගැටලුකාරී තත්වය අවබෝධ කරගෙන සමුද්‍රවේ වැව් බැම්මේ ඇවිදින මංතීරුව ඉදිකිරීම වහාම හකුලා ගන්නා ලෙස දන්වා සිටිනවා.  දැඩි විරෝධය මැද රාජ්‍ය අමාත්‍යවරයාගේ උවමනාවට මං තීරුව ඉදි කරන්නේනම් පොලොන්නරුව ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයත් ගොවි සංවිධානත් සමග මාදුරු ඔය ව්‍යාපාරයේ ගොවි සංවිධානත්,    දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරස්ථාන 105ක භික්ෂූන්වහන්සේ 150කට අධික පිරිසකුත් එක්ක එකතු වෙලා මීට වඩා දැවැන්ත විරෝධතාවයක් දක්වනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ  අවධාරණයෙන් ප්‍රකාශ කළහ.

 

 

Exit mobile version