“රසායනික පොහොර තහනමෙන් ආණ්ඩුව සරම මහන්න කලින් කලිසම ගලවගත්තා”

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියයි

රසායනික පොහොර නවතා දමා කාබනික පොහොරවලට මාරුවීම කෙතරම් හොඳ කටයුත්තක් වුවද ආණ්ඩුවට සිදුවූයේ ‘සරම මහගන්න කලින් කලිසම ගලවා දැමීම’ වැනි දෙයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අද පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් මේ බව කීය.

“කාබනික පොහොර කියන්නේ අත්‍යවශ්‍යම අපේ රටට හඳුන්වා දෙන්න ඕන එකක්. මොකද රසායනික පොහොර කියන්නේ වහ. හැබැයි එන්නත්කරණය කලා වගේ ඒක නිවැරදිව කළමනාකරණය වුණේ නෑ. ඒක අලුත් වසංගත තත්ත්වයක් තත්වයක් උනත් අපි සූදානම් පිට තමයි තීන්දු ගත්තේ.


නමුත් කාබනික පොහොර දෙන වැඩේ දී අපි අර කලිසම ගැලෙව්වෙ සරම මහගන්නේ නැතුව. ඔතනයි අපිට වැරදුනේ. කලිසම ගලවා ගන්න ඕනේ. මොකද කලිසමට හුරු වුනා වැඩියි. මොකද ඒ වැඩේටම පුරුදු වෙලා අපිට රසායනික පොහොර නැතුව බැරි වෙලා අපි කන්නේ වහ ඒක ගලවන්න මොන නමුත් ඊට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා. ඒ නිසා සමහර වෙලාවට ටික කාලයක් සරමයි කලිසමයි දෙකම නැතුව ඉන්න වේවි. එහෙමයි කියලා කලිසම නොගලවා ඉන්නේ නෑ. සරම මහගන්න ප්‍රමාද වුණත් ඒකට අවශ්‍ය පිළියම් තමයි ආණ්ඩුව ගනිමින් ඉන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඩුගානෙ පළාත් තුන හතරක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් විදියට කරගෙන ගියානම් හරි. ඒ වගේ දේවල් වලට රසායනික පොහොර නවත්වන්න එක පසුවට කල් දාලා කටයුතු කළා නම් මීට වඩා ඉතාම හොඳ ආකල්පමය වෙනස යන හොඳ වැඩේ අපිට සාර්ථක කරගන්න තිබුණා. අපේ රටේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ආකල්ප. “

Exit mobile version