රනිල් සජිත් රහස් සාකච්ඡාවක් තියලා – සාකච්ඡා රහස් රනිල් එලියට දීලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවැති රහසිගත සකච්ඡාවේ තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරයි.

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී අමාත්‍ය රාජිත සේනාරත්නගේද සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ගොඩනැගිමට බලාපොරොත්තු වන පුළුල් සන්ධානය පිළිබඳව කතා බහ කොට ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පිටතට ලබා නොදෙන බවට දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇති කරගෙන ඇත.

එසේ වුවද රනිව්ල වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රදාන පෙලේ සාමාජිකයන් කිහිප දෙනකු මෙනම් මාද්‍යෙව්දීන් කිහිප දෙනකු සමඟද මෙම තොරතුරු හෙළි කර ඇති බවට සමගි ජනබලවේග ප්‍රබලයෝ චෝදනා කරති.


මෙවැනි සන්ධානයක් බිහි කිරීමේදී ගත යුතු පියවර පිළිබඳව වික්‍රමසිංහ මහතා පුළුල් ලෙස කරුණු විග්‍රහ කර ඇති බව වාර්තා වේ.

එහිදී විපක්ෂයේ සිටින පාර්ශ්වවලට අමතරව රජයේ යම් යම් ක්‍රියා නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩු පක්ෂයේ යම් පාර්ශ්වලද සහයද ලබා ගත යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා වී තිබේ. පොදු විපක්ෂ සන්ධානයක් සඳහා එක් කර ගන්නා දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සැලසුම් සහගත වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම පසුගියදා ජනාධිපතිවරයා වෙත බාර දී ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ පිළිබඳවද මෙම තුන්කට්ටුව සාකචචා කොට ඇත.

අධිකරණයේ විභාග වන නඩු රැසක් ඉවත් කර ගැනීම ඇතුළු නිර්දේශ සහ මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.

Exit mobile version