රත්නපුර   ග්‍රාමසේවා වසම් 10ක් කොළඹ ග්‍රාමසේවා වසම් 02ක්  හුදකලා කෙරේ…

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත හා  ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉබුල සහ කොට්ටල ග්‍රාමසේවා වසම් අද  හුදකලා කරනු ලැබුවේය.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර හා අලුත්කඩේ නැගෙනහි ග්‍රාම නිලධාරී වසම් ද හෙට උදෑසන 05 සිට හුදකලා කිරීමට නියමිතය.

හුදකලා බවින් මිදෙන ප්‍රදේශ


එමෙන්ම හෙට උදෑසන 05 සිට වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම, මරදාන පොලිස් වසම, යන පොලිස් වසම් තුනත්, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත, කාලිපුල්ලවත්ත, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය හුදකලාබවින් නිදහස් කෙරේ.

මේ වනවිට හුදකලා කර ඇති අනිකුත් ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලාකර ඇති බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version