රත්ගම විශේෂ පොලිස් මෙහයුමකින් අධිකරණය මගහරිමින් සිටි අඹන්පොල ග්‍රාමනිලධාරියා ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට…

Sapukumara

කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළ අඹන්පොල ග්‍රාම නිලධාරී සපුකුමාර

ලලිත් චාමින්ද –

රත්ගම පොලිස් බල ප්‍රදේශය තුළ  ඊයේ (27) දහවල්  යුධ හමුදාව හා පොලිසිය විසින් සිදුකරනු ලැබු විශේෂ මෙහෙයුමකදි අඹන්පොල ග්‍රාම නිලධාරි ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය මගහරිමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මෙම ඝාතනය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇපමත  සිටි අයෙකි. 

මොහු අධිකරණය මග හරිමින් සිට ඇති බව පොලිසිය පවසයි. මොහු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේ දි  අඹන්පොල ග්‍රාම නිලධාරිවරයාගේ ඝාතනයට සම්බන්ධ බව අනාවරණය වුයේ යැයි පොලිසිය පවසයි. මොහු කොන්ත්‍රාත්තුවකට මෙකි ඝාතනය සිදුකොට ඇති බව  පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 පොලිස් නිලධාරින් 60 දෙනෙකු හා යුධ හමුදා නිලධාරින් 15 දෙනෙකුගෙන් සමන්විත  කණ්ඩායමක් විසින්  ඊයේ (27) දහවල් 2.00 සිට පස්වරු 6.00 දක්වා මෙම මෙහෙයුම දියත්කොට තිබුණි. 


රත්ගම පොලිස් බල ප්‍රදේශයේ පාතාල සාමාජිකයින්ගේ සහ  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නිවාස 35ක් පමණ  පරික්ෂා කළ අතර  අදාල මෙහෙයුමේ දි නිති විරෝධිමත් පැන් හා ගංජා තොගයක් ද සොයාගත් බැව් පොලිසිය පවසයි.

මේ ලිපියත් කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිගේ කොන්ත්‍රාත්තුවෙන් මරා දැමූ  අඹන්පොල ග්‍රාම සේවක ගේ කතාව

 

Exit mobile version