රටේ ළමයින්ට “සිලබස් “හදන තැන හොර ආචාර්ය උපාධිකාරයෙක් වැඩ!

තවත් උපාධි හොරෙක් නඩුත් නැතිව අවුරුදු ගණනක් වැඩ... සියලු ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වෙනවා...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ අධ්‍යාපනය සම්බන්ධව ශාස්ත්‍රීය වගකීම දරන ජාතික අධ්‍යාපන ආයතනයේ, මීපේ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙක් ස්වකීය ශාස්ත්‍රීය සුදුසුකම් ලෙස ව්‍යාජ ආචාර්ය උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට එම ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය වෙත දන්වා යවා වසර දෙකක කාලයක් ගත වී ඇතත් තවමත් ඒ නිලධාරියා සම්බන්ධව නිසි පියවරක් ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි වාර්තා වේ.

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ලිපිය අමාත්‍යාංශය වෙත යොමු කරන්නේ වර්ෂ 2019.07.24 දාය.

මෙම පුද්ගලයා ආචාර්ය උපාධිය ලබාගත් බව කියන ආයතනය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගෙන තම වෙබ් අඩවියේ ප්‍රකාශ කළ ඇති පිළිගත් විදෙස් විශ්විද්‍යාල නාමලේඛණයේ නොමැති බවත්, තමන්ට එම සරසවියේ නම පොදුරාජ්‍ය මණ්ඩලීය අත්පොතේ හෝ ජාත්‍යාන්තර පිළිගත් විශ්විද්‍යාල ලේඛණයේ සොයාගත නොහැකි වූ බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයට පැමිණිලි කර තිබේ.

වහාම මෙම උපාධි සහතිකයේ වලංගු භාවය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සහතික කරගන්නා ලෙසත්, මෙම පුද්ගලයා මෙම විශ්විද්‍යාලයේ අදාල වකවානුව තුළ සැබෑ ලෙසම පාඨමාලා හැදෑරීම් සිදුකළා ද යන්න පිළිබඳ ඇගයීම් දත්ත, ආචාර්ය උපාධි පර්යේෂණයේ අධීක්ෂකවරයාගේ වාර්තා ලබාගෙන සහතික කළ වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, මෙම පුද්ගලයා ඉදිරිපත් කර ඇති ශාස්ත්‍රපති උපාධිය පිළිබඳවත් ඉහත ආකාරයෙන්ම සොයා බැලීමක් කරන ලෙසත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර තිබේ.

මෙම තැනැත්තා “ආචාර්ය“ නාමය භාවිත කරමින් අපොස උසස්පෙළ ගිණුම්කරණය විෂය නිර්දේශය ආවරණය කරන පොත් ගණනාවක් ලියා පල කර ඇති ආකාරයත්, නුවර, කෑගල්ල හා කුරුණෑගල ප්‍රදේශයන්හි උසස්පෙළ සඳහා පුද්ගලික පන්ති පවත්වන ආකාරයත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩසටහන් ගණනාවකට සහභාගී වෙමින් ප්‍රශ්න පත්‍ර සැකසීම, උත්තර පත්‍ර ඇගයීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට දායකවන වන ආකාරයත් දක්වා මෙම තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය බව අතිරේක අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කරයි.

කථිකාචාර්යවරයෙකුට කිසිසේත්ම නුසුදුසු පුද්ගලික චර්යා රටාවන් හා සදාචාර සම්පන්න නොවන හැසිරීම්, වංචා කිරීම් රැසක් සමබන්ධව චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයා සම්බන්ධව නෛතිකව කටයුතු කර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවනීය හා වගකිවයුතු ආයතනයක ගුණාත්මක බව ආරක්ෂා කරන ලෙස සහකාර අධ්‍යක්ෂවරයා ලිඛිතව අමාත්‍යාංශයට දන්වා තිබුණ ද මෙම පුද්ගලයා මේ වනවිටත් ගැටලුවකින් තොරව ජාතික අධ්‍යාපන ආයතනයේ රැකියාව කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව කළ විමසීමක දී සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ තමන්ද මේ සිද්ධිය සම්බන්ධව මෙන්ම පොදුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමිතියෙන් තොර අශාස්ත්‍රීය ස්වරූපය අවස්ථා ගණනක දීම පෙන්වා දී ඇති නමුත් ඊට කන් දෙනු වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර උත්සාහ කරන්නේ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨවලට ලබා දීමට යෝජිත උපාධිය ජාතික අධ්‍යාපන ආයතනය හරහා ලබා දී උපාධියත් හෑල්ලු කිරීමට බවය.



Exit mobile version