රටේ සියලුම රෝහල් කොවිඩ් රෝහල් බවට පත් වෙයි!. ඖෂධ සංස්ථා සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ සියලුම රෝහල් මේ සතිය තුළදී කොවිඩ් -19 ප්‍රතිකාර රෝහල් බවට පත් කරන තත්ත්වයකට ඉඩ ඇති බවත් රෝග ලක්‍ෂණ ඇති ඕනෑම අයෙකු වහාම ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වෙතඅදහස් දක්වමින් පවසා ඇත.

වෛද්‍ය ගුණසේන මේ බව සඳහන් කර ඇත්තේ මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය සමඟ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යවස්තාන පිරි ඉතිරී යන ත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳව අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත අනුව, කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඇඳන් 33,962 ක් වෙන් කර ඇති අතර ඉරිදා (08) වන විට රෝගීන් 32,762 ක් ප්‍රතිකාර ලබමින් සිටියහ. ඒ අනුව කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති ඇඳන්වලින් තවත් ඉතිරි ව ඇත්තේ ඇඳන් 1200 ක් පමණකි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන් සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මෙම තත්ත්වය තුළ විකල්පයක් ලෙස COVID-19 රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සෙසු රෝගීන්ට වෙන් කර ඇති ඇඳන් භාවිතා කිරීම සුදුසු බවය.‍ අනෙක් රෝගීන්ට කිසිදු හානියක් නොවන පරිදි මෙම ක්‍රියාවලිය ප්‍රවේශමෙන් සිදු කෙරෙන අතර රෝහල් වෙත යාමට පසුබට විය යුතු නැති බවත් සියලුම රෝගීන් සඳහා ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරන බවත් ඔහු පැවසීය.

රෝග ලක්ෂණ නොපෙන්වන හා සුළු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් නිවාස ආශ්‍රිතව හුදකලා කිරීම සහ කළමනාකරණය කිරීම අද සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි.

Exit mobile version