රටේ සියලුම දරුවන් එන්නත්කණය කිරීම අවශ්‍ය  නෑ… ආචාර්ය චන්දිම ජීවන්දර

මේ වනවිට දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහිව ඇති වී තිබෙන ප්‍රතිශක්තිය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් නොකර  රටේ සියලුම දරුවන් එන්නත්කරණයට ලක් කිරීම  සිදු නොකළ යුතු බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර   පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ ( 30) රාත්‍රිෙය් පැවති දෙරණ 360 විශේෂ සංවාදයට එක් වෙමිනි.

“ දරුවන්ට එන්නත් ලබා දෙන්න පෙර  ඉතාම   වැදගත්   මේ දරුවන් තුළ ස්වභාවිකව කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ හැදිලා තියනව ද කියලා බලන එක. ඩෙල්ටා වයිරස් ප්‍රභේදය  ඉතා වේගයෙන් රට තුළ පැතිරුණා.  ගෙදර එක් පුද්ගලයෙක්  ආසාදිත වුනොත් දරුවන්ට ඒ වෛරසය ආසාදනය වෙන්න තියන ඉඩ ඉතාම වැඩියි.


ආසාදනය වෙන  බොහොමයක් දරුවන්ගෙ රෝග ලක්ෂණ   ඉතාම අඩුයි. බොහෝ විට එක දවසක් උණ තියෙයි. අයෙකුට රෝග ලක්ෂණ ඇත්තෙම නෑ. ඒත් ඇඟ ඇතුලේ  ප්‍රතිශක්තිය හැදෙනවා. “

“ මේ අනුව රටේ සියලුම දරුවන්ට එන්නත් දීලා රට අරිනවා කියන එක ප්‍රායෝගික නෑ.   එන්නත්කරණයට පෙර දරුවන්ගෙ ප්‍රතිදේහ වර්ධනය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුයි. අපි ඉතාම ඉක්මනින් ඒ පර්යේෂණය පටන් ගන්නවා.  හැකි ඉක්මනින් ඒ පර්යේෂණය නිමා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අදාල දත්ත ලබා දෙනවා. මේ පර්යේෂණය  කරන්නෙම ස්වභාවික ප්‍රතිශක්තිය ගොඩනැගිලා තියන ආකාරය ගැන බලන්න. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට අපි එන්නත් කරණය කරන්නේ වයස අවුරුදු 18ට වැඩි අයට. ඉන් සමාජය තුළ දැඩි ප්‍රතිශක්තියක් ඇති කිරීමේ විද්‍යාත්මක ඉලක්කයක් තියනවා. ඉන් කරන්නෙ ඒ දැඩි ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන්  සමාජයේ ප්‍රතිශක්ති  ශඛ්‍යතාව වැඩි කරන එක. “ආචාර්ය චන්දිම ජීවන්දර කීවේය.

Exit mobile version