රටේ උවදුරු මකන්න 09- 09 දින රාත්‍රී 9 යි විනාඩි 9 යි තත්පර 9 ලංකාවේම පිරිවෙන්වල හිමිවරු පිරිත් කියති…

දිනසේන රතුගමගේ –

කොරෝනා වසංගතය ලොවින් තුරන් වී සියලු ලෝ වැසියන්ට නීරෝගීභාවය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේදී පිරිත් දේශනයක්  ඊයේ (9)  රාත්‍රී පැවැත්වුණි.

අධ්‍යාපන අමාත්‍යංශය සමග දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය එක්ව  පිරිවෙන් ශාඛාව විසින් යුද හමුදාවේ  පූර්ණ අනුග්‍රහය යටතේ මෙම පිරිත් පින්කම මුළු දිවයින පුරාම එකම වේලාවකට සංවිධානය කොට තිබුණි.

දිවයිනේ පිහිටි සියලුම පිරිවෙන්වල මෙම පිරිත් දේශනය ආරම්භ වූයේ 2021-09- 09 දින රාත්‍රී 9 යි විනාඩි 9 යි තත්පර 9 ටය.


වවුනියාවේ මෙන්ම යාපනයේ නාග විහාරය කේන්ද්‍ර කරගෙනද මුලතිව් වැලිඔය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනද මෙම පිරිත් පින්කම් පැවති අතර වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන පිරිවෙණේ අධ්‍යක්ෂ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුවඇටගම ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පිරිත් පින්කම පැවැත්වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


56 වෙනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි පෙරේරා මහතා ඇතුලු යුද හමුදා නිලධාරින් ඊට පුර්ණ දායකත්වය ලබා දී තිබුණි.

Exit mobile version