රජීව් ජයවීරගේ මරණය ගැන බුද්ධි අංශත් පරීක්ෂණයක් අරඹයි

අද (12) උදෑසන සැක කටයුතු අන්දමින් මිය ගොස් සිටි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු මෙන්ම නිදහස් ඉංග්‍රිසි ලේඛකයකු වන රජීව් ප්‍රකාශ් ජයවීර මහතා ගේ මරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙතින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

ජයවීර මහතා හිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව අනාවරණය වි ඇති අතර ඔහුගේ සිරුර අසල මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද තිබී හමුවී ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණ සහ ලද තොරතුරු මත එය සිය දිවි නසා ගැනීමක් ලෙස නිගමනය කෙරුණද මෙම පුද්ගලයා ගේ පෙර ක්‍රියාකාරකම් මත විශේෂ විමර්ශෂණයක් සිදු කිරීමට පොලිසිය තීරණය කොට ඇත.


ජයවීර මහතා කලක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කොට ඇත.

එයින් ඉවත් වූ ඔහු ද අයිලන්ඩ් පුවත් පතට සහ ද කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට විශේෂාංග ලිපි ගණනාවක් රචනා කළ අයකු විය.

ඔහු මෙම ලිපි අතර ශ්‍රි ලංකා ගුවන් සේවයට විශාල මුදල් නාස්තියක් සිදු කළ බවට ආන්දොලනයට ලක් වූ එයාර් බස් මිලදී ලැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිත ලිපි කිහියක්ම රචනා කොට ඇත.

එසේම කොවිඩ් 19 සඳහා වූ ජනාධිපති කාර්යාල අරමුදලටද රුලපියල් පක්ෂ 05ක් පරිත්‍යාග කොට ඇති ජයවීර මහතා ප්‍රවීන තානාපති නිලධාරියකු ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ස්ටැන්ලි ජයවීර මහතාගේ පුත්‍රයාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම හිටපු ප්‍රවීන සිවිල් පරිපාලන නිලධාරියකු වන නෙවිල් ජයවීර මහතාගේද ඥාති පුත්‍රයෙකි.

Exit mobile version