රජයේ සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව වහාම ක්‍රියාත්මකවන පරිදි අවලංගුයි…

සිකුරාදා දිනවල රජයේ කාර්යාල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මකවන පරිදි අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පොදු ප්‍රවාහන සේවා  සාමාන්‍යකරණය කිරීම සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය අවලංගු කර ඇත.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවයට වාර්තා කිරීමේදී රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් මෙම චක්‍රලේඛය මුලින් නිකුත් කර තිබිනි.

රාජ්‍ය සේවකයින් සිකුරාදා දිනයේදී යළි වැඩ ආරම්භ කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ දී ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන සඳහා ශ්‍රී ලංකාවේ අලුතින් ක්‍රියාත්මක කරන ලද QR පද්ධතියේ සාර්ථකත්වය  වාර්තා වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කීවේය.

 

Exit mobile version