රජයේ මැදිහත්වීමෙන් ගෑස් ව්‍යාපාරයට අලුත් සමාගම් එයි?…

Liquefied Gas Storage Workers Carrying Gas Cylinder On Staircase

තවත් ව්‍යාපාරික සමාගම් කීපයක් ගෑස් ක්ෂේත්‍රය තුළ තිබුණා නම් මෙවැනි අවස්ථාවක රජයට මේ තරම් බැනුම් අසන්නට සිදුනොවන බවත්,  ඒ සම්බන්ධව අලුතින් කල්පනා කර මේ වසරේ දී රජය කටයුතු කරගෙන යන බවත්  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පැවසුවේය.

නුවරදී මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ අවස්ථාවේ දී ව්‍යාපාරික සමාගම් සිය ව්‍යාපාර පුළුල් කරගැනීම සඳහා බොරදියේ මාළු අල්ලමින් සිටින බවය.

අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.


“ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් තියනවා. අපිට බොරු කියන්න බෑ. ඇත්ත කියන්න අවශ්‍යයයි.  ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න අය ඒ අයගේ ව්‍යාපාර පුළුල් කරන්න උත්සාහ කරනවා. ඒ අය මේ අවස්ථාවේ දී බොර දියේ මාළු බානවා වගේ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒකට බැනුම් අහන්න වෙලා තියනවා රජයට. රජයත් ඒකට කටයුතු කරගෙන යනවා. අපටත් යම් විදිහකට තිබුණෙ තවත් සමාගම් හතරක් පහක් මේ ක්ෂේත්‍රයට ඇතුළත් කරන්න.  එහෙම උනානම් මේ කතාව අපට අහන්න වෙන්නෙ නෑ.“

 

Exit mobile version