රජයෙන් ලැබුණු 2000ත් ආපසු කොවිඩ් අරමුදලට දුන්නු තලාවේ මිනිස්සු

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් දෛනික ආදායම අහිමි වූ පිරිසට රජය මගින් ලබාදුන් රුපියල් 2000 දීමනාව ලැබුණු අනුරාධපුර, තලාව,අරුණපුර ග්‍රාමයේ පිරිසක් විසින් එය ඉටුකම COVID– 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

තමා ලද දීමනාව මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ තවමත් අසීරුවෙන් ජීවිත ගෙවනා පිරිිසකි.

අනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලබා තිබුණි.


රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන් තමාට ලද දීමනාව කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, අරුණපුර ග්‍රාමයේ තවත් පිරිසකගේ මුදල් පරිත්‍යාගයන් ද සමග රුපියල් 87,000ක මුදලක් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර ඇත.

Exit mobile version