යුද හමුදාවට ඩ්‍රෝන් රෙජිමේන්තුවක්

ශ්‍රී ලංකා යුද හමුදාව තුළ පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කෙරේ.

ඒ අනුව අද (12) දිනයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙම රෙජිමේන්තුව පිහිටුවීය.

මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මඟින් හදිසි ව්‍යසන, ආපදා මෙන්ම එම සේවය අවශ්‍ය වන ඕනෑම ආරක්ෂක තත්වයකදී භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම, සජීවී විඩියෝ ලබාගැනීම, ඡායාරූප ලබාගැනීම මෙමගින් සිදුකෙරේ. මෙතෙක් එම කටයුතු සඳහා සහය ලැබුණේ ගුවන් හමුදාවෙනි.


නව රෙජිමේන්තුව ස්ථාපනය කිරීම මගින් ආරක්ෂක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව (එස්එල්ඒ) ලෙස මෙය ක්‍රියාත්මක වේ.

15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව නිල වශයෙන් ආරම්භ කළ බවට සංකේතවත් කරමින් නව ඩ්‍රෝන් යානයක් ඉහළ නංවා යුද හමුදාපතිවරයා එය ශ්‍රී ලංකා කාලතුවක්කු අණදෙන නිලධාරී සහ ආරක්ෂක හමුදා-කිලිනොච්චි හි අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සම්පත් කෝටුවෙගොඩ මහතා වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකාවේ කාලතුවක්කු හමුදාවේ නව 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව අධි තාක්‍ෂණික කැමරාවලින් සමන්විත ය.

රැස්වීම අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ යුද තත්ත්වයන්, ස්වාභාවික ආපදා හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, ගංවතුර වැනි මෙහෙයුම් ප්‍රවණතා සලකා බලමින් උදාහරණයක් ලෙස COVID-19 වැනි වෙනත් ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම් ආදිය සඳහා නව ඩ්‍රෝන් රෙජිමේන්තුව වැදගත් භූමිකාවක් දරන බවයි. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ යුධ හමුදාවේ ඉදිරි අනාගත උපායමාර්ග අත්වැල් බැඳ ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

පළමු ඩ්‍රෝන් යානය පුනරුත්ථාපන මෙහෙයුමක් සඳහා දියත් කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ මංජු ගුණවර්ධන මහතා සහ නව අංශය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දුන් ඩේසිස් අභ්‍යවකාශ ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Exit mobile version