යාපන කොළඹ සැප බස් අද වැඩ අරඹයි

දිනසේන රතුගමගේ –

වවුනියාව හා කොළඹ අතර ධාවනය වූ අති සුඛෝපභෝගී රාත්‍රී බස් සේවාව අද (15) සිට නව කාල සටහනකට අනුව ධාවන කටයුතු ආරම්භ කරණු ලැබීය.

කොරෝනා වසංගතය නිසා පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් මේ බස් සේවාව  මාස තුනක කාලයක් සම්පූර්ණයෙන්ම නැවතී තිබුණි.

මේ වන විට රාත්‍රී 12 ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා  වවුනියාවේ සිට කොළඹට ගමන් ගන්නා  අති සුඛෝපභෝගී බස් රථ රාත්‍රී 11 වන විට කොළඹට ලඟා වන අන්දමට ක්‍රියාත්මක වෙයි.


මේ සේවාවට බස් රථ විශාල සංඛ්‍යාවක් යොදා ඇති නිසා දිනපතාම උදෑසන 10 සිට වවුනියාවෙන් කොළඹටත් කොළඹින් වවුනියාවටත් ගමන් වාර ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර යාපනය හා කොළඹ අතර ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථද ඇදිරි නීති කාලය මග හරවා නව කාල සටහනකට අනුව අද  සිට ක්‍රියාත්මක වෙයි.

Exit mobile version