යාපනේ උපකුලපති එක්ක බෑ… සරසවිය මුලුමනින් වහන්න… ආණ්ඩුකාර ලේකම් අධ්‍යාපන අමාත්‍යාංයෙන් ඉල්ලයි.

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා නීතිරීතිවලට උපකුලපතිවරයා සහය නොදක්වන නිසා යාපනය විශ්ව විද්‍යාලයේ සිදු කෙරෙන සියලුම කටයුතු අත් හිටුවා විශ්ව විද්‍යාලය වසා දැමීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා 8 දා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලෙකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වන්නේ දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල වසා දමා තිබියදී යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ සහභාගිත්වයෙන් විවිධ වැඩ සටහන් සංවිධානය කොට ඇති බවයි.

මේ ක්‍රියාවන් ප්‍රදේශයේ කොරෝනා මර්දන කටයුතු සදහා විශාල බාධාවක් නිසා විශ්ව විද්‍යාලය තුළ එම කටයුතු නවත්වන ලෙස යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් උපකුලපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම් ඇතුළත් ලිපි වල පිටපත්ද අධ්‍යාපන ලේකම්වරයා වෙත යවා තිබේ.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලද එම ලිපියේ පිටපත් කොරෝනා මර්දන බලකායේ ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාටද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේක්ම්වරයා ඇතුලු තවත් පිරිසකටද යවා ඇත.

Exit mobile version