යාපනය සරසවි ආරක්ෂක පොඩ්ඩෝ ලොක්කනට එරෙහි වර්ජනයක

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂ නිලධාරීන් විසින් 26 දා උදෑසන දියත් කරණ ලද වැඩ වර්ජනයක් හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ කටයුතු අඩපණ වී තිබුණි.

යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කොරෝනා සමයේදී යාපනය සරසවියේ සිදු වූ බොහෝ හොරකම් හා වංචාවන්ට එරෙහිව කටයුතු නොකිරීම නිසා ඊට විරුද්ධව මේ වැඩ වර්ජනය දියත් කොට තිබුණි.


වැඩ වර්ජනයේ නිරත පිරිස විසින් ප්‍රදර්ශනය කොට තිබූ පුවරු වල සඳහන්ව තිබුණේ හොරකම් වලට නිසි දඩුවම් ලබා නොදීම නිසා ඉදිරි පරම්පාරාව මහා හොරුන් බවට පත්වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආරක්ෂක නිලධාරීන් වශයෙන් සමාජයට හා ඉදිරි පරම්පරාවට වැරදි ආදර්ශයක් ලබා දීම බරපතල තත්ත්වයක් නිසා කොරෝනා සමයේ යාපනය විශ්ව විද්‍යාලයේ හොරකම් සම්බන්ධයෙන් ආරක්ෂක සංගමයේ ඉහල නිලධාරීන් වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙස සාමාන්‍ය ආරක්ෂක නිලධාරීන් ඉල්ලා සිටින බවද වර්ජනයට සහභාගී වූවන්ගේ පෝස්ටර් වල සදහන්ව තිබේ.

Exit mobile version