යාපනය සරසවියේ විරෝධතාවයට සිවිල් ජනතාව හා සංවිධානත් එක් වෙති…

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කොට ඇති විශාල උද්ඝෝෂණය සඳහා මේ වනවිට සිවිල් ජන සංවාධාන හා පුද්ගලයන් ඒකාරාශී වෙමින් ඇතැයි වාර්තා වේ. මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා  ඊයේ (08) රාත්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්න් කැඳවා තිබිණි.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉදිකොට තිබූ  ස්මාරකය යුද හමුදාව විසින් ඩෝසර් කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල සිසුහු මෙම  විරෝධතාවයක් ආරම්භ කොට කළහ.

යාපනය විශ්ව විද්‍යාලයේ  සිසුන්ට මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයට ගොස් යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට ඇති අසීරුතාවය නිසා මීට වසර තුනකට පමණ ඉහතදී යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ මෙම ස්මාරකය ඉදි කළ අතර සිසුන් වසර කීපයක්ම  එම ස්ථානයේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරණ ලදී.


විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරණ ලද එම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ හා දෙමළ ජාතික  ජනතා පෙරමුණේද සහය පලවීමත් සමගම  යාපනයේ සාමාන්‍ය වැසියන් හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ විශාල පිරිසක් රාත්‍රියේදීම යාපනය විශ්ව විද්‍යාලය අසලට පැමිණ විරෝධතාවයට එක් වූහ.

පොලීසිය එම විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමක් හට ගත්තේය. පොලිස්  විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ ගැටුම සමථයකට පත් කොට තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් එම  විරෝධතාවය සඳහා තවත් වැසියන් එක්ව සිටින අතර මේ වන විට යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට විරෝධය පලකොට තිබේ. 

Exit mobile version