යාපනය සරවියේ ඉංග්‍රීසි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී රංජනී කුමාරස්වාමි කොවිඩ් ආසාදිතව මිය යයි…

Sri-Ranjani-Kumaraswami

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසී විෂය පිළිබද ජෙයෂ්ට කථිකාචාර්ය ශ්‍රී රංජනී ආනන්දකුමාරස්වාමී මහත්මිය (52 ) කොරෝනා රෝගය ආසාදනය වීම නිසා 29 දා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.

යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචි මෙම කථිකාචාර්යවරියට කොරෝනා රෝග ලක්ෂණ පහල වීමෙන් පසුව ඇය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට සිටි අතර එහිදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

මියගිය කථිකාචාර්යවරියගේ මෘත ශරීරය යාපනයේ කොම්බයන් ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේදී කොරෝනා නීතිරීති වලට අනුකූලව ආදාහනය කොට තිබේ.

Exit mobile version