දිනසේන රතුගමගේ –
යාපනයේ පැරණි පුස්තකාලයට ගිනි තබා අද (31)ට වසර 40 ක් සම්පූර්න වන නමුත් එම අවස්ථාව සිහිපත් කරමින් පහන් දැල්වීමට හෝ සම්මන්ත්‍රනයක් පැවැත්වීමට මෙවර ආරක්ෂක අංශ වලින් හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් අවසර නොලැබුණු බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඥානම් පැවසීය.
මහා යුද සමයේදී පවා යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ දිනය සැමරීමට පුස්තකාලය ඉදිරිපිට පහන් දල්වා පසුව ශ්‍රවණාගාරයේ සම්මන්ත්‍රණයක් පවත්වන බවද සිවඥානම් පැවසීය.