යාපනය අනතුරු දායක කලාපයක් කර ගම් තුනක් හුදෙකලා කරයි..

දිනසේන රතුගමගේ –

යාපනයේ තිරුණවේලී පොදු වෙළදසැලේ වෙළෙන්දන් හා ඔවුන්ව ආශ්‍රය කළ පිරිස් අතරින් 387 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 177 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව  28 දා තහවුරු වූයේ යැයි උතුරු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන්  පැවසීය.

ගත වූ දින තුනේම දිවයිනේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ යාපනයෙන් වීම නිසා යාපනය අනතුරු දායක කලාපයක් බවට  ප්‍රකාශයට පත් කොට එහි පළාත් තුනක් හුදෙකලා කොට ඒ ස්ථාන සදහා සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බවද කේතීස්වරන් මහතා පැවසීය.

යාපනයේ තිරුණවේලී කීරී ගම්මානය  අලුතෙන්ම සංචරණ සීමා පනවන ලද ගම්මානය වන අතර යාපනය නගරයේ පොදු වෙළද පොල පිහිටි ප්‍රදේශයද කන්කසන්තුරේ පාරේ තවත් ප්‍රදේශයක්ද මේ වන විට හුදකලා කොට තිබේ.


සංචරණ සීමාවන් පනවන ලද පළාත් වල ආරක්ෂාවට යුද හමුදාව යොදවා ඇති අතර එම ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමටද යාපනය දිසාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

යාපනය අධ්‍යාපන කලාපයේ පාසල්  අප්‍රේල් මස 5 වෙනිදා දක්වා වසා දමා ඇති අතර යාපනයේ කෝවිල් වල සියලුම උත්සව හා විවාහ මංගල උත්සවද අවලංගු කරණ මෙන්  ඊට සම්බන්ධ වගකිවයුත්තන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ වැසියන්ට අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින ලෙසත් පිටස්තර පුද්ගලයින් තම නිවෙස් වලට කැදවීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය නිලධාරීන් දැණුම් දීමක් කොට තිබේ.

Exit mobile version