යාපනයේ සරසවියේ අමානුෂික ලිංගික වද දුන් වදකයන් 4ක ගේ පන්ති තහනම්.

ලිංගික වදකයන් හතර දෙනාගෙන් දෙදෙනෙක් ශිෂ්‍යාවන්... නීතිය හමුවට 4 දෙනාම පත් කරන්න සූදානම්..

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට  අමානුෂික හා අසභ්‍ය අන්දමට නවක වදය ලබා දුන් බවට දැනට හඳුනාගෙන ඇති  ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනාගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය තීරණය කළ බව  යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති  ශ්‍රී සත්කුණරාජා අද (20) නිවේදනය කළේය.

මෙම පන්ති තහනමට අමතරව එම සිසුන්ට එරෙහිව පවත්නා නීතියට අනුව කටයුතු කරණ බවද උපකුලපතිවරයා සදහන් කළේය.

ජ්‍යෙෂ්ඨ සිසුන් කීපදෙනෙකුම මේ නවක වදය දීමේ සිද්ධියට සම්බන්ධ බව පැවසූ උපකුලපතිවරයා දැනට හඳුනාගෙන ඇති හතර දෙනාගෙන් දෙදෙනෙකු ශිෂ්‍යයන් වන අතර ඉතිරි දෙදෙනා ශිෂ්‍යාවන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධිය පිළිබදව තවදුරටත් පරික්ෂණ පැවැත්වෙන බවද උපකුලපතිවරයා පැවසීය.

Exit mobile version