යාපනයේ නගරාධිපති ටෙන්ඩර් මගඩියක… ටී.එන්.ඒ මන්ත්‍රී කෙනෙක්ම පැමිණිලි කරයි..

A Municipal councilor complains to commissioner

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා කුලී පදනම මත ටැක්ටර් ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරයෙකු යාපනය නගරාධිපතිවරයාට එරෙහිව 30 දා උතුරු පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.

යාපනය මහ නගර සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කොට ඇති එම පැමිණිල්ලේ සදහන් වන්නේ කසල රැගෙන යන එක් ටැක්ටරයකට එක් කිලෝ මීටරයක් සදහා ටෙන්ඩර් කැදවීමේදී රුපියල් 42 සිට 75 දක්වා මිල ගණන් ඉදිරිපත් කොට තිබියදී නගරාධිපතිවරයාගේ හිතවතෙකුගේ ටැක්ටර් කීපයක් සදහා කිලෝ මීටරයකට රුපියල් 55 බගින් වූ ටෙන්ඩරයට අවස්ථාව ලබා දී ඇති බවයි.

නාගරික මන්ත්‍රීවරුන්ට ටෙන්ඩර් පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකොට නගරාධිපතිවරයාගේ කැමැත්ත මත පමණක් සිදු කළ මේ ක්‍රියාව නිසා යාපනය මහ නගර සභාවට විශාල පාඩුවක් සිදුව ඇති අතර නගරාධිපතිවරයා විශ්වාසය කඩ වන ආකාරයට කටයුතු කොට ඇති නිසා වහාම මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයා උතුරු පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

Exit mobile version