යාපනයේ ආරක්ෂක ප්‍රධානීන් කොළඹට ගෙන්වයි – කඩු කල්ලි මෙල්ල කරන්න උපදෙස්

යාපනයේ් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් ඇති කඩු කල්ලියේ සාමාජිකයන් එකින් එක හඳුනාගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා උපදෙස් දී තිබේ.

ඒ ඊයේ (05) රැස්වූ ආරක්ෂක සමාලෝචන රැස්වීමේදී ය.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේදී එම රැස්වීම පවත්වා තිබේ.


මෙම සාකච්ඡාවේදී විශේ්ෂ අවධානයක් යොමු වී තිබුණේ යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලිය පිළිබඳව ය.

යාපනයේ ඇතුළුව ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙක් මෙම රැස්වීමට කැඳවා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දිනවලදී යතුරුපැදිවලින් කඩු කිනිසි ආදිය ගෙන ගමන් ගන්නා පුද්ගලයන් පිරිසක් පුද්ගලයන්ට කඩු පහර දී බරපතළ තුවාල කළ සිද්ධීන් වාර්තා වී තිබුණි.

Exit mobile version