“යන්තම් හරි දැන සිටියා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගන්නවා”

හිටපු ජනපති පාස්කු කොමිසමේ දී කියයි

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දුරකථන ඇමතුමකින් හෝ තමන්ට ලැබුණා නම් අනිවාර්යෙන්ම ප්‍රහාරය වළක්වා ගන්නා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් පැවසීය.

හිටපු විධායක ජනාධිපතිවරයෙක් පළමු වරට මෙලෙස ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා අද පුරා පැය හතක් තිස්සේ කොමිසම හමුවේ සාක්ෂි දෙනු ලැබීය.

ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් සාක්ෂි ලබාදෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමන් ජනාධිපති වී මාස හයක් යනතෙක් අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් සිටියත් ඉන් පසු ඒ කිසිවකුගේ සහාය තමන්ට නොලැබුණු බවයි.


පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව එල්ල වන විට මම සිටියේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින්. එම රෝහලින් පිට වී නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණීමත් සමඟ මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කීවේ ලංකාවේ මෙවැනි බෝම්බ පිරීමක් සිදුව තිබෙන බවයි. සමගම මම එවකට ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අමතා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු පාර්ලිමේන්තුවේ සහය ඇතිව අඩුම කාලයක් ආණ්ඩුව කරගෙන ගියේ මම ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තුවේ සහය ඇතිව ආණ්ඩුව කරගෙන යන්න මට ලැබුණේ මාස හයක් පමණයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතිරි මුළු කාලයම මට කියලා අගමැතිවරයෙක්, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුණෙ නැහැ. 2018 දෙසැම්බර් වන තෙක් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබුණේ නැහැ. ඒ අංශය මගේ යටතට පත් වුණාට පසු නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්වා රැස්වීමක් තියන්න පටන් ගත්තා. සමහරු මේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එයා තිබුණා ජාතික ආරක්ෂක මණ්ඩලය දුර්වලවී තිබුණා කියා. එහෙම කිසිම දුර්වල විමක් වී තිබුණේ නැහැ. මම ජනාධිපතිව සිටියදී මෙවැනි ඛේදවාචකයක් සිදු වීම ගැන මා කම්පාවට පත් වෙනවා. පෙර වැනි දා ලැබුණ බුද්ධි තොරතුර ගැන මට කීවේ අප්‍රේල් විසි දෙවැනි දායි. ආරක්ෂක මණ්ඩලයේ දී ඒ ගැන මට පවසන විට බොහොම මවිතයට පත් වුණා. වෙන දෙයක් ගැන මට කලින් කියලා තිබුණා නම් එය කෙසේ හෝ වළක්වා ගැනීමට පියවර ගන්නවා.”

Exit mobile version