යතුරුපැදියක ගැටුණු අලියා යුවළක් මතට ඇදවැටෙයි

තරුණයාට බරපතලයි

File photo

සමන් මල්ලවආරච්චි

ත්‍රීකුණාමලය විල්ගම් විහාරය ප්‍රදේශයේ මහා මාර්ගය හරහා ගමන් කළ අලියෙකුගේ ගැටුණු යතුරුපැදියක ගමන් ගත් යුවලක් එම අනතුරෙන් ඇදවැටුණු අලියාට යටවී බරපතල තුවාල ලබා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (21) හවස 5.30ට පමණ සිදු වී ඇති මේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.


ත්‍රී කුණාමලයේම පදිංචි පෙම් යුවලක් වූ මුස්ලිම් තරුණියක් හා ද්‍රවිඩ තරුණයෙක් මේ අනතුරට ලක් වී සිටියේය.

අනතුරට ලක්වී මේ යුවල මත ඇද වැටුණු අලියා අනතුරුව නැගිට කැලෑවට දිවගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යතුරුපැදිය අනතුරට ලක් වූ ස්ථානය

Exit mobile version