මොරටු නගරාධිපතිගෙන් දැන් සැපද අසා පොලිස් අත්අඩංගුවට පත්වෙයි

arrested

සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීන්ගේ එන්නත්කරණ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරතව සිට ඇප මත නිදහස්ව නිවසට පැමිණ සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබා දී “දැන් සැපද?“ යනුවෙන් විමසූ පුද්ගලයකු මොරටුමුල්ල පොලිසිය අද අත්අඩංගුවට ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා නගරාධිපතිවරයා සමග මින් පෙර ආරවුලක් ඇති කරගත් අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආරවුල සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර නගරාධිපතිවරයාට කිසිදු තර්ජනයක් සිදු නොකළ යුතු බවට සැකකරුට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක්ද නිකුත් කරනු ලැබ ඇත.
නගරාධිපතිවරයාගේ පැමිණිල්ලට අනුව මොරටුමුල්ල පොලීසිය මෙම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව දුරකථන වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.


Exit mobile version