මොරටුවේ වඩු කාර්මිකයනුත් මහ පාරට… නගරසභාව වටලා උද්ඝෝෂණයක …

මොරටවු නගරසභා මාසික සැසිවාරයත් උද්ඝෝෂණය හේතුවෙන් කල් යයි...

moratuwa

moratuwa

කීර්ති ප්‍රනාන්දු –

මොරටුව වඩු කාර්මිකයෝ අද (01)  පෙරවරුවේ මොරටුව නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ.

මේ වෙනවිට සිදු කරනු ලබන විදුලි කැපීම , ඉන්ධන නොමැති වීම , සහ ජීවන වියදම ඉහළ යාම තුළින් මොරටුව වඩු කාර්මිකයන්  දැඩි අසීරුතාවයකට මුහුණදීම මේ උද්ඝෝෂණයට හේතුව බව ප්‍රකාශ විය.

මෙම වඩු කාර්මිකයෝ විල්ලෝරාවත්ත දැව සංස්ථාව අසල සිට විරෝධතා පෙළපාලියකින් මොරටුව නගර සභාව ඉදිරිපිටට පැමිණ පසුව නගර සභා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ.  අනතුරුව ඔවුහු නගර සභා පරිශ්‍රයට ඇතුළු වී නගර සභා පරිශ්‍රය තුළදී ද මෙම විරෝධතාවය  දැක්වූහ.


විරෝධතාවයේ නිරත වූ වඩු කාර්මිකයන් නගර සභාව ඉදිරිපිටට විරෝධතා පෙළපාලියෙන් පැමිණෙන අවස්ථාව වන විට පොලිස් කැරලි මර්දන භටපිරිස් දැඩි සූදානමකින් යුතුව නගර සභා භූමිය සහ ඒ අවට රැකවල් ලා තිබිණ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොරටුව නගර සභාවෙන් ලංකාසර කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ අද දින නගර සභාවේ මාසික මහා සභා රැස්වීම ද පැවැත්වීමට නියමිතව තිබූ බවත් මෙම විරෝධතාවය හේතුවෙන් එම මහා සභා රැස්වීම ද කල් දැමීමට සභාපති වරයා පියවර ගත් බවත්ය .

Exit mobile version