මේ රටේ දේශපාලකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ අතර වෙනසක් නෑ… දෙගොල්ලම රට කනවා..

Liyanwala-Shasanarathana

ලියන්වෙල ශාසනරතන හිමි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන මඩගොහොරුවෙ කිමිදෙන පාර්ලිමේන්තු මැති ඇමතිවරු දෙසිය විසි පහත් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරත් වෙනසක් නැති බවත් ඒ සියලු දෙනා එක් ව රට නැත්තටම නැති කරන බවත් ජාතික සංඝ සම්මේලනයේ සභාපති බොදු බල සේනා සංවිධානය හිටපු මහනුවර සංවිධායක ශ්‍රී ලංකා කොරියා බෞද්ධ සුභ සාධක සංගමය සභාපති ලියන්වෙල ශාසනරථන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ ගර්භණී කාන්තාවන් උදෙසා භාණ්ඩ බෙදා දීමට සංවිධානය කළ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යය අමතමිනි.

උන්වහන්සේ එහිදී අවධාරණය කර කියා සිටියේ ගර්භණී කාන්තාවන් රැක ගැනීම කෙරෙහි රජය අතිවිශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් එසේ කළ යුත්තේ මේ දේශපාලකයන් ගන්නා අසීමිත විදේශ ණය කන්දරාව ගෙවීමට නියමිතව සිටින අනාගත මිනිසුන් ඇත්තේ මේ මෑණිවරුන්ගේ ගර්භයන් තුළ නිසා බවත්ය.

අතීත සංස්කෘතික දායාදනය් වූ වැවු ටික චීනයෙන් පැමිණ හාරනවා…. රටෙ දක්ෂයි න් ලෙස නම් දරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයො එංගලන්තයේ වීදි ගාණෙ සුරුට්ටු බොමින් ඇවිදිනවා.. මේ බිඳ වැටෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සිත් සතන් තුළ ඇති අභිමානනීය ආදර්ශ.

කොවිඩ් වෛරස යට එරෙහි එන්නත් ලබා දෙනවා තබා හරිහැටි රටේ මිනිස්සුන්ට බඩු මල්ලක්වත් බෙදා ගත නොහැකි ආණ්ඩුවක් මේක. අපි ඒ තරම් අභාග්‍ය සම්පන්න මිනිස්සු…. යැයි උන්වහන්සේ කීහ.

මෙම ගර්භනී කාන්තාවන්ට බඩු මළු බෙදා දීම සංවිධානය කර තිබුණේ ලියන්වෙල ශාසනරථන හිමියන්ගේ උපන් දිනය නිමිතිකරගනිමිනි.

Exit mobile version