මේක පරණ ගැසට් එකක්… ගැසට් උභතෝකෝටිකය ගැන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

ආන්දෝලානාත්මක ගැසට් පත්‍රය ඊයේ පෙරේදා හෝ මේ වසරට අදාලව නොව වර්ෂ 2018 වසරට අදාලව සකස් කිරීම සඳහා උපදෙස් දුන් ගැසට් පත්‍රයක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ලංකසරට පැවසීය.

පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා  එම තනතුරුන් තාවකාලිකව ඉවත් කිරීම සඳහා ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ග්ලයිෆොසේට් ගෙන්වීම සම්බන්ධයෙන්වන ගැසට් පත්‍රය හේතුවෙන් බවත්, මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා කීවේය.

මෙම ගැසට් පත්‍රය ඊයේ පෙරේදා හෝ මේ වසරේ සිදුවූවක් නොව, 2018 වසරට අදාලව සකස් කිරීම සඳහා උපදෙස් ලබා දුන් එකක් බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු මතුවූයේ මේ දිනවල බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා කටයුතු කර ඇති අන්දම සම්බන්ධයෙන් පමණක් පරීක්ෂණ මගින් අනාවරණය කරගැනීමට නියමිත බව ද කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ හැර වෙනත් ගැටලුවක් මේ සම්බන්ධව නොවන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

Exit mobile version