මෙහෙකාර සේවයේ යෙදවීමේ වයස් සීමාව අවුරුදු 18 තෙක් වැඩි වෙයි!

child-maids

කීර්ති ප්‍රනාන්දු – 

පුද්ගලයෙක් මෙහෙකාර සේවයේ යෙදවිය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා ඉහළ නැන්වීම පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානය යොමු වී ඇතැයි එම කාර්යාලය  ලංකාසරට පැවසීය.

වර්ෂ 1956 අංක 47 දරන පනතට අනුව වයස අවුරුදු 14 ඉක්මවූ දරුවන් රැකියා සඳහා බඳවා තබා ගැනීමට හිමිකම් තිබිණත්  ඉකුත් ජනවාරි මාසයේ 18 දා සිට එම වයස් සීමාව අවුරුදු 16 තෙක් ඉහළ නැන්වීය.

ඉදිරියේ දී යළිත් සිදුවීමට නියමිත සංශෝධන ප්‍රකාරව මෙහෙකාර සේවයේ යොදවා ගන්නා තැනැත්තාටට හෝ තැනැත්තියට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වයස් සීමාවේ පසුවන්නන් වුව ද අනතුරුදායක අවස්ථා සඳහා යොදවා ගැනීමේ හැකියාවක් නැති බව පවසන කම්කරු කොමසාරිස් කාර්යාලය මෙහෙකාර සේවය තුළ අන්තරාදායක ස්වරූප මොනවාදැයි යන්න තවම වර්ගීකරණය කර නැති බවත් ප්‍රකාශ කර ඇත.

මේ වන විට රැකියා වර්ග 52ක් අන්තරාදායක රැකියා ලෙස නම් කර තිබේ. නව සංශෝධන ලෙස රැකියාවේ ස්වභාවය සලකා බලමින් එම ප්‍රමාණය 76තෙක් වැඩි කිරීමට කටයුතු කරමින් ඇතැයි ද කම්කරු කොමසාරිස් ජනරාල් කාර්යාලය දන්වා සිටී.


Exit mobile version