මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙයි… අද දින දැනට 3000 පනී…

ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි...

කොවිඩ් වාර්තාවක් තබමින් අද දිනයේ මුල් කාර්තුවේදී පමණක් ආසාදිතයන් තුනදහස ඉක්මවා යමින් මෙතෙක් එක් දිනක දී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛයාව වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

වාර්තා වූ අසාදිතයන් ගණන 3051කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද 1,50,000 ඉක්වමා ගියේය. අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාදිත සංඛයාව 1,50,771 කි.. දෙවන රැල්ලන් පසුව වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 144425කි.

මේ අතරින් ආසාදිතයන් 26,575 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදනය වූ 1,222 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.


covid-483


Exit mobile version