මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඔහු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ වකාවුනවේ දී රජයේ සුබසාධන කටයුතු සඳහා ලැබුණු රුපියල් ලක්ෂ 61ක මුදලක් ස්වකීය ඡන්ද ව්‍යාපාරයේ කටයුතු වලට යොදා ගැනීම පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුර ප්‍රියදර්ශන යාපා අත් අඩංගුවට ගෙන තිබේ.
වර්ෂ 2014 දී බිංගිරිය ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා බව පවසමින් මෙම මුදල ලබාගෙන ස්වකීය පුද්ගලික දේශපාලන කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබුණේ ජනතාවට සහන ලබා දීම සිදු නොකරමිනි. ඔහුට අමතරව මෙම චෝදනාවට අදාළව තවත් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනුර ප්‍රියදර්ශන යාපා 2013 – 2015 කාලය තුළ රටේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාය.







