මුහුදු සැතපුම් 400 දුර මුහුදේ දී අතුරුදහන් වූ ධීවර කාර්මිකයා ගැන සොහොයුරා කියූ කතාව…

ලලිත් චාමින්ද –

මල්ලි බෝට්ටුවේ පිටිපස්සේ ඇනිය උඩ වාඩි වෙලා හිටියා . ඒම අවස්ථාවේ  කුණාටු තත්වයක් නිසා ඇතුලට එන්න  කියා කිවා. නමුත් . ඉන් විනාඩි පහකට පස්සේ පස්සේ බලනකොට මල්ලි හිටියේ නෑහැ කියා . යාත්‍රාවේ ස්කීපර් මට කතා කරලා කිවා යැයි  ධිවර යාත්‍රාවකින් ඇද වැටිමෙන් අතුරුදහන් වු ධිවර කාර්මිකයාගේ වැඩිමහල් සොහොයුරා වන  එම්. ඩී රංජිත් මහතා  එසේ කිවේය.

ගාල්ල මාගාල්ල ධිවර වරායෙන් ඉකුත් 09 වන වන දින තෙහාන් 2 ( IMULA 0099TCO) බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර රැකියාව සඳහා  ධිවර කාර්මිකයින් 07 දෙනෙකු පිටත්ව ගොස් ඇත. යාත්‍රාවේ සිටි ගනේගොඩ , රත්ගම පදිංචි මනික්කුවාදුර සජිත් ප්‍රසන්න නැමති විසිපස් හැවිරිදි ධීවර කාර්මිකයා යාත්‍රාවෙන් ඇදවැටිමෙන් අතුරුදහන් වි ඇත.  එම ධිවර කාර්මිකයාගේ වැඩිමහල් සොහොයුරා මෙසේද කිවේය.

මියගිය ධීවර කාර්මිකයා…

“මගේ පවුලේ අට දෙනෙක් ඉන්නවා. පිරිමි පස් දෙනෙක් ඉන්නවා.  බාලයා තමයි අතුරුදහන්ව තියෙන්නේ.  ඔය කියන යාත්‍රාවේ මල්ලිලා දෙන්නම ගියා.  පසුගිය නමවෙනි ද තමයි ගාල්ල ධීවර වරායෙන් ඔවුන්  මුහුදු ගියේ .   අම්මට කෝල් එකක් දීලා තිබුනා මල්ලි අතුරුදහන් වෙලා කියලා. ඒ අවස්ථාවේ මල්ලි නැති නිසා යාත්‍රාවේ සිටි සියලු දෙනාම කලබල වෙලා තියෙනවා. අනිත් සහෝදරයත් මට තනියම ගෙදර ඉන්න බැහැ කියලා මුහුදට පනිනවා කියලා කෑ ගහ ගහ ඉඳලා තියනවා . මම  උදේ ගියා ගාල්ල ධීවර වරායට.  ඊට පස්සේ යාත්‍රාවට සෙට් එකෙන්  ස්කිපර් මට කතා කරලා විස්තරය කිවා…  


ඊයේ (21)  උදැසන වනවිට   මුහුදු සැතපුම් තුන්සිය තිස් දෙකක් දුර  ඉන්නවා කියා තමයි කිවේ. ගොඩබිමට එන්න දින දෙකක කාලයක් ගතවේවි කියලා තමයි කියන්නේ. තාම විස්තරයක් නැහැ. එනකන් අපි බලාගෙන ඉන්නවා මොකක්ද කරන්නේ කියලා. ඒ අය ගොඩට ආවාට පසු තමයි තිරණය කරන්නේ.“ යැයි ද ඔහු කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොඩබිම සිට මුහුදු සැතපුම් 400ක් පමණ දුරකින් ගමන් කරන අවස්ථාවේ ඉකුත් 19 වන දින  වන දින  රාත්‍රි 10.30ට පමන මෙම ධිවර කාර්මිකයා මුහුදට  වැටී අතුරුදහන් වී ඇති බව යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් පවසා ඇත.මෙම ධීවර කාර්මිකයා මෙවර මුහුදු ගොස් ඇත්තේ නව වැනි වතාවට බවද  මොහුගේ පවුලේ අය පවසති.

Exit mobile version