මුස්ලිම් අධ්‍යාපන බලධාරීන්ගේ අන්තවාදය පාස්කු කොමිසමේ දී හෙළි වේ..

විෂය නිර්දේශ, පෙළපොත් වෙනස් කර මුස්ලිම් වහාබ් අන්තවාදය දරුවන්ට කවලා...

අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් අධ්‍යයන අංශවල තීන්දු ගන්නා අධ්‍යාපන බලධාරීන් සම්ප්‍රදායික ලාංකික මුස්ලිම් වරුන් සම්බන්ධ සියලුම තොරතුරු විෂය නිර්දේශයෙන් ඉවත් කර අන්තවාදී වහාබ්වාදය පමණක් උගන්වන ආකාරයට සියලුම අධ්‍යයන කටයුතු සංවිධානය කර ඇතැයි ද, ඒ හරහා මුස්ලිම්  අන්තවාදය දරුවන් තුළ වැපිරවීමේ ව්‍යාපෘතිය සූක්ෂම ලෙස දියත් වෙමින ඇතැයි ද පසුගිය දා පාස්කු කොමිමේ දී  සාක්ෂි දුන් කාත්තන්කුඩිය සූෆි මුස්ලිම්වරුන්ගේ ක්‍රියාකාරිකයෙක් වූ එම්.සින්නලෙබ්බේ මව්ලවි තුමා හෙළිදරවු කළේය.

අදාල විෂය නිර්දේශයේ 1976 වසරේ සිට සූෆි මුස්ලිම්වරුන් සහ සූෆි දහම ගැන සඳහන් වෙලා තිබුණත් වර්ෂ 2012 වසරේදී විෂය නිර්දේශය වෙනස් කර එම කොටස ඉවත් කළ බව ඔහු කීවේය.

එය තහවුරු කිරීම සඳහා ඉස්ලාම් ආගම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සැකසුණු  පෙළපොත් සහ ගුරු අත්පොත්  රැසක් කොමිසටම ඉදිරිපත් කළ මවුලවිවරයා  වහබ්වාදීන් ගැන දරුවන්ට ඉගැන්වීම් කරන  ලෙස  යම් වහාබ්වාදීන්ව නම්කර  ගුරුවරුන්ට උපදෙස් දී ඇති ගුරු අත්පොත් ඉදිරිපත් කරමින් කොමිසම හමුවේ ඔහු පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුස්ලිම් ගුරවරුන් තෝරා ගන්නේ රජයේ විභාගයකින් බවත් මින් සිදුව ඇත්තේ  වහබ්වාදී අරාබි විද්‍යාලවලින් ඉගෙන ගන්න අයට  පමණකන් රජයේ පාසල් ගුරුවරුන් හැටියට ඇතුළුවීමට ඉඩ ලැබෙන බවය. සාම්ප්‍රදායක අරාබි පාසල්වල ඉගෙන ගන්නා අයට ඒ අවස්ථාව නොලැබෙන බවය.

Exit mobile version