මුලතිව් බෝට්ටුවක් එන තුරු ඉන්දියාවේ වැලි කන්දක රැඳී සිටි ශ්‍රි ලාංකික කතක්!

දිනසේන රතුගමගේ

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධී ලෙස උතුරේ මුලතිව් ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙවන වැලිකඳු පේලියේදී රාමේස්වරන් පොලීසිය 6 දා අත් අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින් පිරිසක් විසින් රාමේස්වරන් වෙරළාරක්ෂක පොලීසියට ලබා දෙන ලද තොරතුරක් මත එම නිලධාරීන් වැලිකදු පේලිය වෙත පැමිණ ඇයව අත් අඩංගුවට ගෙන තිබේ.


කේ.කස්තුරි නැමති මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය 2018 වසරේදී ගුවන් මගින් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ චෙන්නායි වලසාරවාක්කම් ප්‍රදේශයේ ඥාතී නිවසක ජීවත් වී තිබේ.

සිය පියා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඇය නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ධනුස්කොඩියේ වැලි කදු වෙත පැමිණ ඇයව රැගෙන යාම සදහා මුලතිව් ප්‍රදේශයේ සිට පැමිණීමට නියමිත බෝට්ටුව පැමිණෙන තෙක් වැලිකදු වල රැදී සිටියදී අත් අඩංගුවට පත් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාමේස්වරන් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version